අපි අද කතා කරන්නේ Logistic Regression ගැන. Logistic Regression මොනවගේ ගැටළු විසඳන්න භාවිතා කරන්න පුළුවන් ද? Classification වර්ගයේ ගැටළු විසඳන්න භාවිතා කරන්න පුළුවන්. මොකක් ද Classification ගැටළුවක් කියන්නේ කියලා අපි උදාහරණයකින් බලමු.

 උදාහරණය

අපි සත්තු කිහිපදෙනෙකු හඳුනාගැනීමට පුළුවන් විදියට model එකක් Train කරනවා කියලා හිතන්න. අපේ කලින් Post වල කතා කරා වගේ බල්ලොයි පුසෝයි හඳුනා ගන්න Model එකක් train කරනවා කියලා හිතන්න. ඒ කියන්නේ  බල්ලෙක් පින්තූරයක් දුන්නොත් ඒ බල්ලෙක් බවත් පුසෙක්ගේ පින්තූරයක් දුන්නොත් පුසෙක් බවත් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනි. මේ වර්ගීකරණයේ තියෙන්නේ බල්ලා හා පුසා විතරයි. ඒ කියන්නේ වර්ග 2 යි. ඒ නිසා ඒක හදුන්වන්වා binary Classification කියලා.

අපි model එකක් train කරොත් සත්තු කිහිපදෙනෙක් දීලා හඳුනාගන්න පුළුවන් විදියට ඒක හඳුන්වනවා Multi Class Classification කියලා.

මේ විදියේ classification ගැටළුවක් විසඳගන්න තමයි අපි Logistic Regression Algorithm එක භාවිතා කරන්නේ.

මේ විදියේ classification ගැටළු විසඳන්න පුළුවන් Algorithm කිහිපයක් ම තියනවා. එනම්

Logistic Regression

K-Nearest Neighbors

Support Vector Machine

Naïve Bayes

Decision Tree

අපි මේ post එකෙන් කතා කරන්නේ Logistic Regression ගැන. අනිත් algorithm ගැන වෙන වෙනම post වලින් කතා කරමු.

අපි Logistic Regression ගැන උදාහරණයකින් බලමු. පහත පෙන්වලා තියන වගුවේ එක තීරුවක පෙන්වලා තියනවා වයස. අනිත් තීරුවේ පෙන්වලා තියනවා සෞඛ්‍යය තත්වයක් වන දියවැඩියා රෝගි තත්වය තියනව ද නැද්ද යන්න.



ඉහත වගුව බලපුවම පේනවා අවුරුදු 16 කෙනාට දියවැඩියාව නැහැ. ඒ වගේම අවුරුදු 23 කෙනාටත් දියවැඩියාව නැහැ. නමුත් වගුවේ පහලට යනකොට පේනවා අවුරුදු 11 කෙනෙකුට දියවැඩියාව තියනවා. ඒ නිසා අපිට තෙරෙනවා වයස අනුව වැඩි සම්භාවිතාවක් තියෙන්නේ මොන වයසක ඉන්න පුද්ගලයන්ට ද දියවැඩියාව තියෙන්නේ කියලා කියන්න බැහැ කියලා.

මේ ගැටළුවේ අපිට මුණ ගැහෙන්නේ classification දෙකයි. එනම් දියවැඩියාව තියනවා සහ දියවැඩියාව නැහැ යන්න. ඒ කියන්නේ මේක binary classification එකක්.

අපි දැන් මේක model එකක් train කරන්න ලේසි වෙන්න පහත ආකාරයට හදා ගන්නවා. ඒ කියන්නේ දියවැඩියාව නැහැ කියන එක 0 ලෙසත් දියවැඩියාව තියනවා කියන එක 1 ලෙසත් සකස් කරනවා.

අපි දැන් බලමු මේ ගැටළුව කලින් කතා කරපු Linear Regression වලින් විසඳන්න පුළුවන් ද කියලා.නමුත් Linear Regression  වලින් classification ගැටළුවක් විසඳන්න අමාරුයි. ඒකට අපිට පුළුවන් පහත ආකාරයේ ප්‍රස්තාරයක් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩාක් සාධාරණයි classification ගැටළුවකට.මේ ආකාරයේ ශ්‍රිතයකට අපි කියනවා Sigmoid Function එහෙම නැත්නම් Logistic Function එක කියලා. අපි Logistic Regression වල කතා කරන්නේ පහත ආකාරයේ ප්‍රස්තාරයක් හදා ගන්න විදියයි.




නමුත් අපිට Python වල තියන Libraries භාවිතා කරලා ලේසියෙන්ම මේ වගේ ගැටළු විසඳන්න පුළුවන්. මේ සම්බන්ධව තියන ගණිතමය කාරණා අවශ්‍ය වෙන්නේ නැහැ.

ඊළඟ Post එකෙන් ගෙන්නම් Logistic Regression භාවිතා කරලා කොහොම ද machine learning model එකක් Train කරන්නේ කියලා.